Saturday, April 28, 2012

නුඹ තරම්....

සදු තරම් මට හිරු තරම්...

ආදරේ තිබු නුඹෙ ළයේ..

නුඹ තරම් නුඹෙ රුව තරම්

සෝ සුසුම් දුන් කිසිවක් නැතේ

වේදනාවන් විදිනට තරම්

සිතේ සවියක් නැති මගේ..

නුඹේ සුසුමන් හැර වෙනින් යම්

නොමැත කිසිවක් මේ ලොවේ..

නුඹේ නෙතගින් මගේ කදුළක්

වැටුනි නම් පෙර එක දිනේ

මා නුවන් පිරු නුඹේ සෙනෙහෙත්

රැගෙන යනු මැන මා කෙරෙන්.......................

Wednesday, April 18, 2012

සියුමැලිද කළුවරත් මෙතරම්....................


සියුමැලිද කළුවරත් මෙතරම්
නුඹේ හදවත ඉස්සර වගේ..........
මගේ හිත නුඹ කළුවරට ගෙනිහින්
කළුවරත් දැන් මගෙ වගේ...
හීන අතරින් අදුර හිනහේ
නුඹව නොපෙනෙන්නට වගේ..
නෙත ගිලන් වී වැටෙන කදුළට
නුඹේ මතකය යළි ඇදේ
නුඹේ නිලුපුල් සිනා බිදකට
මගේ කදුළේ ඉම වැසේ....
සුන්දරද කදුළත් මෙතරම්
නුඹව මට ඉස්සර වගේ.......

Friday, July 8, 2011

ඔබ නොවුනි නම්


නිදන නෙතුපිය හෙමින් රිද්දන 
සිහිනයද ඔබ නොවුනි නම් 
හඩන හදවත තවත් රිද්දන 
දරුණු හිත නුඹෙ නොවුනි නම්
සිනා වී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගිය නම්
අනේ සත්තයි සිනහ වෙමි මම
එදා ඔබ හමු නොවුන නම්......

Sunday, June 5, 2011

බොරුවට හරි


බොරුවට හරි තව එක සැරයක් කියා දෙන්න 
උඹව අමතක කරන හැටි 
දැනෙනවනම් උඹේ ඔය හිරි වැටිච්ච හිතට 
ආදරේ කරපු තරම් මම..
හීනයක් වෙලා උඹ හිටපු කාලේ
උඹේ ඇගිලි වලින්ම
සිත්තම් කරපු  හැටි ඒ හීනේ
උඹේ ඇගිලි වලින්ම පොඩි කරලා දාපු හැටි...
තාමත් මතකද  ඔය හිරි වැටිච්ච හිතට..
හීන ලෝකෙන් බිමට වැටුන මට 
හිනා වුනේ කොහොමද උඹ....
උඹ ආදරෙයි කියපු මුවින්ම
කියා දෙන්න දැන්වත් මට
අමතක කල හැටි..ඔය හිරිවැටිච්ච හිත

Wednesday, June 1, 2011

පටාචාරාවකි නුඹ කලියුගයේ



පටාචාරාවකි නුඹ කලියුගයේ
හිස හැලු අත දිව යන
අසා බුදු හිමි සොයා නිම් තෙර
නිවෙන්නට යමක් ඇත්දැයි 
සිතන්නට සැනසුමක් කොහෙදැයි
නෙත් කෙවෙනි රතු වුනත් කදුළට
මහමෙරක් සැලුනත් සුළගට
සම්බ වේවිද ඒ හිමි
කලියුගයේ නුඹ හට
නිවාලන්නට නැගුනු ගිනි දැල්
නුඹෙ ළයේ