Wednesday, February 2, 2011

තියනව නම් දුක හිත යට

තියෙනව නම් දුක හිත යට
ඇදී එන්න නිල් තරු කැට
මගෙ දෙනෙතට තනි රකින්න
රුදු ඝණ අදුරේ................
වැහි බිදු හා වැටුනු කදුළ
 නොපෙනෙන්නට
අහක බලන්
මට නොපෙනෙන්නට රහසේ
අනන්තයේ තරු ගැන්නා
මතකද නුඹ හට 
ඒ දවස..
රුදු ඝණ අදුරේ................



Wednesday, December 29, 2010

දෑසම වසා ඇති කළුවර හරිම කළුවරයි


දෑස පෙනුනත් යසට පෙනෙන දෙයක් නැති තරම්ය... 
ඉන්නේ කොහේදැයි.. 
යන්නේ කොහාටදැයි නිච්චියක් නැත...
දසත පැතිර ඇත්තේ කළුවරයි...
ඈතින් ඇහෙන වේලිච්ච පඩරැලක සර සර හඩ... 
හිතට අලුත් බලාපොරොත්තුවකි...
පින්නේ සිතල දෙපය රිද්දුවත් එය හිතට සැනසීමකි.... 
යාන්තමට අතපත ගගා කදු ගැටය මතට නැග ගත්තෙමි...
එහෙත් මින් ඉදිරිය සිහිනයකි......
මා යා යුත්තේ කොහේ දැයි මා නොදනී...
අතරමග ඇද වැටේ යැයි හිතට මහා ගුප්ත බියක් දැනේ...
ඒ හිතේ හැටිය... 
රළු පරළු දෑතට දැනෙන දෑ ගැන හිත සංවේදිව හිතන්නට අකමැති වාගේය....
එයට උවමනා ඊට වඩා සිනිදු දේය... 
ඉතින් මා කුමක් කරන්නද??? 
මරු කතරක් මැද අතරමං වු සෙයක් දැනේ...
ජිවිතයට පෙනෙන දෙයක් නැති තරම්ය.. 
එහෙත් නොපෙනෙන දෑ බොහෝය... 
එහෙයින් තවත් යා නොහැක.... 
මන් යත් දෑසම වසා ඇති කළුවර හරිම කළුවරයි

Monday, December 27, 2010

එපාවූ කදුළ


රුදුරු චිත්ත වේගයෙන් බැටකෑ
සංවේදි ආදරයෙන් පමණක් තෙත බරිත වූ
ප්‍රාණයෙන් වෙන් කර
ආත්මාර්ථකාමීව....
දෙනෙතින් උදුරා දමන කල
සැලෙන්නට පමණක් 
උරුමකම් ඇති නුඹ..
යලිත් කෙදිනකවත් 
මා දෙනෙත් වෙත 
නොඑනු ඇත

Sunday, December 26, 2010

අදුරු වෙළුමක මතක නටබුන්

නිවුනු දෑස් අගිසි අබිමුව
දිලෙන ගිනියම් කදුළු බිංදුව
සැලෙන්නට මත්තෙන් සොදුරිය
මුදාලනු මැන නෙතින් නුඹෙ රුව

අදුරු වෙළුමක මතක නටබුන්
දැවෙයි හදවත් මන්දිරේ
පියාසර කල නුරා හසරැල්
තවත් නෑ මේ හිත් කොනේ

දැවි දැවී මල් පිපුනු කතරේ
සැලි සැලි සිත නතර වූදා
තවත් ඉහිලිය නොහැක මේ දුක
මුදාලනු මැන නෙතින් නුඹෙ රුව


Tuesday, December 7, 2010

ආයෙම මල් පැල

වැස්ස
   වැස්ස
            වැස්ස
                  වැස්ස
                            වැ
                                ස්
                                   ස්
                                    ස්
                                        ස්
                                           ස
                                             යට වුනා
                                   දිය වුනා
                                         මඩ වුනා
                                  ටික දවසයි
                                       වේලුනා
                                         පැලවුනා
                                ආයෙම 
                                         මල් පැල

















Tuesday, November 23, 2010

මග නැගුමයි අපි දෙන්නයි......................


උඹයි මමයි කාලාන්තරයක් පුරා ඇවිද ගිය 
මේ පාර දැන් හොදටෝම අබලන් වෙලා.... 
පාරේ හෙමින් හෙමින් පිය මනින
උඹව දැක්කම
"අනේ අප්පේ" කියලා හිත කීරීගැහිලා යනවා........                                                                                       ඒත් උඹේ දෙතොලේ ලේ පිරිච්ච හිනාව නම් ගින්දර.......... 
ඒ ගින්දරෙන් දැවිලා 
දැං ඉතුරු පපුකැවුත්ත  විතරයි...... 
ඒකත් උඹේ කියාපි.... 
අනේ පව් අප්පා.... 
මම මටම කියාගතිමි.... 
රාජ සභාවේ උතුමෙකුට බුලත් අතක් දීලා.. 
මේ පාර ගොඩ දා ගත්තොත් 
කීයක් හරි හම්බ කරන්......................... 
උඹේ හීන එළිකරන්න... උඹෙන් මාව හොයා ගන්න..
ඊට පස්සේ අපි දෙන්නට
සුභ අනාගතයක්............