Friday, October 29, 2010

හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය


දුලබ කළුවරෙන් ජීවිතය සොරාගෙන
අගහිගකම් සියොළගම වසාගෙන
කාසි ලගදි නෙත තදින් වසාගෙන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

රළු පරළු ලෝකයම බලාගෙන
ඉකිබින්දත් ලෝකයට සිනාසෙන
රුදු සුසුමට මුළු කයම ගසාගෙන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

නුඹේ සියුමැලි අත් හිරිකඩින් වසාගෙන
නුරාව රන්දා කදුළැලිත් සගවාන
සංසාර ගමන අදුරටම හැරලාන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

No comments:

Post a Comment