Friday, July 8, 2011

ඔබ නොවුනි නම්


නිදන නෙතුපිය හෙමින් රිද්දන 
සිහිනයද ඔබ නොවුනි නම් 
හඩන හදවත තවත් රිද්දන 
දරුණු හිත නුඹෙ නොවුනි නම්
සිනා වී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගිය නම්
අනේ සත්තයි සිනහ වෙමි මම
එදා ඔබ හමු නොවුන නම්......

Sunday, June 5, 2011

බොරුවට හරි


බොරුවට හරි තව එක සැරයක් කියා දෙන්න 
උඹව අමතක කරන හැටි 
දැනෙනවනම් උඹේ ඔය හිරි වැටිච්ච හිතට 
ආදරේ කරපු තරම් මම..
හීනයක් වෙලා උඹ හිටපු කාලේ
උඹේ ඇගිලි වලින්ම
සිත්තම් කරපු  හැටි ඒ හීනේ
උඹේ ඇගිලි වලින්ම පොඩි කරලා දාපු හැටි...
තාමත් මතකද  ඔය හිරි වැටිච්ච හිතට..
හීන ලෝකෙන් බිමට වැටුන මට 
හිනා වුනේ කොහොමද උඹ....
උඹ ආදරෙයි කියපු මුවින්ම
කියා දෙන්න දැන්වත් මට
අමතක කල හැටි..ඔය හිරිවැටිච්ච හිත

Wednesday, June 1, 2011

පටාචාරාවකි නුඹ කලියුගයේ



පටාචාරාවකි නුඹ කලියුගයේ
හිස හැලු අත දිව යන
අසා බුදු හිමි සොයා නිම් තෙර
නිවෙන්නට යමක් ඇත්දැයි 
සිතන්නට සැනසුමක් කොහෙදැයි
නෙත් කෙවෙනි රතු වුනත් කදුළට
මහමෙරක් සැලුනත් සුළගට
සම්බ වේවිද ඒ හිමි
කලියුගයේ නුඹ හට
නිවාලන්නට නැගුනු ගිනි දැල්
නුඹෙ ළයේ

Tuesday, May 31, 2011

හදවත.....


මගේ ඇස් දෙක ඉස්සරහම 
ඒක කොච්චර ඉක්මනට උඹෙන් ඈත් උනාද.....
මම කොච්චර උත්සහ කලාද 
ඒක උඹ ලගම තියන්න.......
ඒත් ඒක කවමදාවත්
උඹ ලගටවත් ආවෙ නැති හැටි... 
ඉතින් මා ප්‍රිය හදවත.....
උඹට නැති වුන උඹව
කවදා ආයෙත් උඹට ලැබේවිද..
එතකල් අපි යමු හිනා වෙවි..අඩ අඩ.. 
සතුට දුක දෙකටම...
උඹට මමයි මට උඹවයි..
මේ ලෝකේ කාටවත්ම වෙන් කරන්න බැරි වෙයි...
උඹට උඹව හම්බ වුන දවසට
ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන කෙනා 
මමයි..
ඒ උඹ මගේ හදවත නිසා

Sunday, May 15, 2011

ඉන්න දෙන්න අදුරෙම මට


මින් මතු එන්න එපා
අදුරට නුඹ.....
වෙනදා වගේ සුවද අරන්..
අදුර නුහුරු නුඹෙ දෑසට
කදුළු උනාවි...
පාට මලක් වෙන්න එපා මගේ දෑසට
මල් සුවදම කදුළු සලාවි..
ඉන්න දෙන්න අදුරෙම මට
ඉස්සර වගෙ මුවා වෙලා..
සිනා සලන නුඹෙ දෑසම බලා හිදින්නම්



Wednesday, May 4, 2011

සදවතියේ

අදුරේ තනිකම  එළිය සිඹින්නට
දහස් වරක් රෑ 
තරු ගනිනා කල.......
රන්වන් විහිදුන සදළුතලේ හිද
අදුරට උරණව
කිම සදවතියේ නුඹ..



Wednesday, February 2, 2011

තියනව නම් දුක හිත යට

තියෙනව නම් දුක හිත යට
ඇදී එන්න නිල් තරු කැට
මගෙ දෙනෙතට තනි රකින්න
රුදු ඝණ අදුරේ................
වැහි බිදු හා වැටුනු කදුළ
 නොපෙනෙන්නට
අහක බලන්
මට නොපෙනෙන්නට රහසේ
අනන්තයේ තරු ගැන්නා
මතකද නුඹ හට 
ඒ දවස..
රුදු ඝණ අදුරේ................