දෑස පෙනුනත් යසට පෙනෙන දෙයක් නැති තරම්ය...
ඉන්නේ කොහේදැයි..
යන්නේ කොහාටදැයි නිච්චියක් නැත...
දසත පැතිර ඇත්තේ කළුවරයි...
ඈතින් ඇහෙන වේලිච්ච පඩරැලක සර සර හඩ...
හිතට අලුත් බලාපොරොත්තුවකි...
පින්නේ සිතල දෙපය රිද්දුවත් එය හිතට සැනසීමකි....
යාන්තමට අතපත ගගා කදු ගැටය මතට නැග ගත්තෙමි...
එහෙත් මින් ඉදිරිය සිහිනයකි......
මා යා යුත්තේ කොහේ දැයි මා නොදනී...
අතරමග ඇද වැටේ යැයි හිතට මහා ගුප්ත බියක් දැනේ...
ඒ හිතේ හැටිය...
රළු පරළු දෑතට දැනෙන දෑ ගැන හිත සංවේදිව හිතන්නට අකමැති වාගේය....
එයට උවමනා ඊට වඩා සිනිදු දේය...
ඉතින් මා කුමක් කරන්නද???
මරු කතරක් මැද අතරමං වු සෙයක් දැනේ...
ජිවිතයට පෙනෙන දෙයක් නැති තරම්ය..
එහෙත් නොපෙනෙන දෑ බොහෝය...
එහෙයින් තවත් යා නොහැක....
මන් යත් දෑසම වසා ඇති කළුවර හරිම කළුවරයි
කලුවරට පෙම් බදින ඔබට සුභ පෑතුම්.....ඔබේ හෑගීම සන්කීර්නයි...නමුත් මන් කෑමතියි...
ReplyDeletethanxxxxxxxxxxxx
ReplyDelete