Sunday, October 31, 2010

ආදරෙයි තවමත්



සදුට මා නම් ආදරෙයි තවමත්
සොදුරු කැටයම් තරු දීලී මුත්
සුවද පියුමන් කොතෙක් පිපුනත්
කුමට සුවදක් නොදැනෙනා නම්

මද නලට නුඹ ආදරය දී
මගේ හිතත් අරන් ඉගිලි
සද කිරණ වී යළි හමාවී
ඒ තුරා නෙතු නිදි වරාවි

Friday, October 29, 2010

හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය


දුලබ කළුවරෙන් ජීවිතය සොරාගෙන
අගහිගකම් සියොළගම වසාගෙන
කාසි ලගදි නෙත තදින් වසාගෙන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

රළු පරළු ලෝකයම බලාගෙන
ඉකිබින්දත් ලෝකයට සිනාසෙන
රුදු සුසුමට මුළු කයම ගසාගෙන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

නුඹේ සියුමැලි අත් හිරිකඩින් වසාගෙන
නුරාව රන්දා කදුළැලිත් සගවාන
සංසාර ගමන අදුරටම හැරලාන
හිනහෙන්නෙ නුඹ කෝම දයාවිය

අහස නුඹ මට

දිලෙන අහසට පහස වුවට
සදුට හොරහින් බැන්ද පෙම් සිත
හීන අහූරා සුසුම් හැමුවට
තාම සොදුරුය අහස නුඹ මට

පිපෙන කුසුමට සුවද වෙන්න‍ට
අදුර උගුලා එළිය දෙන්නට
මහද ළග උන් නුඹ අහිමි කල
තාම සොදුරුය අහස නුඹ මට