Tuesday, November 23, 2010

මග නැගුමයි අපි දෙන්නයි......................


උඹයි මමයි කාලාන්තරයක් පුරා ඇවිද ගිය 
මේ පාර දැන් හොදටෝම අබලන් වෙලා.... 
පාරේ හෙමින් හෙමින් පිය මනින
උඹව දැක්කම
"අනේ අප්පේ" කියලා හිත කීරීගැහිලා යනවා........                                                                                       ඒත් උඹේ දෙතොලේ ලේ පිරිච්ච හිනාව නම් ගින්දර.......... 
ඒ ගින්දරෙන් දැවිලා 
දැං ඉතුරු පපුකැවුත්ත  විතරයි...... 
ඒකත් උඹේ කියාපි.... 
අනේ පව් අප්පා.... 
මම මටම කියාගතිමි.... 
රාජ සභාවේ උතුමෙකුට බුලත් අතක් දීලා.. 
මේ පාර ගොඩ දා ගත්තොත් 
කීයක් හරි හම්බ කරන්......................... 
උඹේ හීන එළිකරන්න... උඹෙන් මාව හොයා ගන්න..
ඊට පස්සේ අපි දෙන්නට
සුභ අනාගතයක්............

Saturday, November 20, 2010

ඇති තරම් ආදරය කරපල්ලා.....

 

ඇති තරම් ආදරය කරපල්ලා.....

ජිවිතය පුරාවට හැම තැනම හැම දේටම...............
...
හිනා වෙන්න බැරි තරමට
කදුලු එන්නේ නැති තරමට

අන්තිමේදි බල්ලෙක් වගේ
මැරිලා පලයල්ලා

ඒත් ...................

ජිවිතය එහෙමයි
ජිවිතය අදුරුයි.......අමාරුයි..
ඒත්.........

එළිය වේදනාබරයි..........

Saturday, November 13, 2010

පාදඩ හිතට


උඩු හුළගත් එක්ක ආපු
වර්ණ මායාව සිර කලා 
එකවරක් ගෙල
ගන්නට නොහැකි ලෙස
හුස්මක් වත් හරි හැටි
                               වැටුනා පාදඩ හිතත් එක්කම
                               අනේ හිත මැරුන නම්....
                               ඒත් ඌට මාව දාලා යන්න තරම්
                               කරුණාවක් නැති හැටි.......
හද එළිය කටුකයි හිතට
ඒත් ඇසට ඒක කොච්චර නම්
හැඩද .............
තාමත් දුකයි  පාදඩ හිතට
හද ලග තරු තියෙන කොට..
                                          කොච්චර කිව්වත් නාහන හිත
                                           මැරිලා ගියා නම් 
                                           මාව දාලා.........
                                           මට ඉන්න තිබුනා,
                                           ඔහේ..............................
                                           මුකුත්ම නොහිතා....












Thursday, November 11, 2010

රිද්දපන් ඉතින්

දිගටම වැහැපන්
ඇස් කෙවෙනි රතු වෙනකම්
දිගටම හමාපන් කුනාටුව
පපු කැවුත්ත පුපුරනකම්...
ඒත් උන්ට බෑ   
මට රිද්දන්න බෑ උඹට තරම්

Tuesday, November 2, 2010

උඹ මට වෛර කරනවද


උඹ මට වෛර කරනවද
ඒකට මම කැමතියි...
මං ගැන මුකුත්ම නොහිතා ඉන්නවට වඩා....................
එක දවසක් හරි ජීවත් වෙන්න ඕන
මැරුණා මං දවස් ගානක්
ඒ ගැන නොදැනුනාද උඹට…..
 “වේදනාව”
ඒ වචනේ ගැන උඹ දන්නවද මොනවා හරි?
කියලා දීපන් මටත්
උඹ හිතන හැටි
මම විදින විදිහයි.. උඹට දැනෙන විදිහයි ගැන...
ම‍ට එක පාරක් කියලා තව ජිවත්  වෙන හැටි කියලා දීලා
 පලයං උඹ යන තැනකට
හැබැයි
දිගටම මට වෛර කරපං
මට කරන උදව්වක් විදිහට................