Sunday, June 5, 2011

බොරුවට හරි


බොරුවට හරි තව එක සැරයක් කියා දෙන්න 
උඹව අමතක කරන හැටි 
දැනෙනවනම් උඹේ ඔය හිරි වැටිච්ච හිතට 
ආදරේ කරපු තරම් මම..
හීනයක් වෙලා උඹ හිටපු කාලේ
උඹේ ඇගිලි වලින්ම
සිත්තම් කරපු  හැටි ඒ හීනේ
උඹේ ඇගිලි වලින්ම පොඩි කරලා දාපු හැටි...
තාමත් මතකද  ඔය හිරි වැටිච්ච හිතට..
හීන ලෝකෙන් බිමට වැටුන මට 
හිනා වුනේ කොහොමද උඹ....
උඹ ආදරෙයි කියපු මුවින්ම
කියා දෙන්න දැන්වත් මට
අමතක කල හැටි..ඔය හිරිවැටිච්ච හිත

2 comments:

  1. උඹට නම් ඇත්තටම තියෙන්නෙ කලුවර පෙනෙන ඇස් දෙකක්...

    ලියල තියෙන වචන ටික ඇතුලෙ තියෙන තාලෙ දුක්බර කථා වලට දැන් හිනා යනව බන්... ඒත් ඒක දුකටද සතුටටද කියන එක නම් තාම තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  2. mona karannada e jiwithe hati hama dukakatama hina yanawa nam kochchara deyakda

    ReplyDelete