Friday, May 25, 2012

දෙපා සොයන මල් පාවඩ.......!!



දෙනෙත් පියන්පත් බොදවෙයි 
අවතැන් වී කදුළු බිදට
හිත් දෑලේ දෝර ගැලූ
සිහින මැදුරු සුන් වූ කල......

දුක් ගින්දර සිල්ලර කර
උඩු සුළගේ පා කරනට
මදුමායා සිනාසුනා
අඩ අදුරේ වීදී කොනක

සුළු මොහොතක සුවය දිදී
ගිනියම් කර රතු ලේ පොද
මදුවිත ළග ඉම නොපෙනෙයි
දෙපා සොයන මල් පාවඩ.......

Tuesday, May 1, 2012

පාට හීන...


වසන්තයට පෙර එක දවසක්
දුටුවා නුඹ එක හීනෙක....
මටත් හොරෙන් ඒ හීනෙන්
එකළු වුනා වසන්තයම..........

පාට පිරුණු නුඹෙ දෑතින්
සිත්තම් කළ මගෙ ලෝකය
රැගෙන ගියා මගේ හදින්
නොපෙනෙන තරමට ඈතට..