දෙනෙත් පියන්පත් බොදවෙයි
අවතැන් වී කදුළු බිදට
හිත් දෑලේ දෝර ගැලූ
සිහින මැදුරු සුන් වූ කල......
දුක් ගින්දර සිල්ලර කර
උඩු සුළගේ පා කරනට
මදුමායා සිනාසුනා
අඩ අදුරේ වීදී කොනක
සුළු මොහොතක සුවය දිදී
ගිනියම් කර රතු ලේ පොද
මදුවිත ළග ඉම නොපෙනෙයි
දෙපා සොයන මල් පාවඩ.......
No comments:
Post a Comment