Friday, January 4, 2013

උඩින් වැ‍ටුණු උන්

ලස්සනට මල් පිපුනු
කළු පාට මිරිගුවෙන්
ගොඩවෙන්න පුළුවනිද
උඩින් වැ‍ටුනත් උඹට

පොඩි උන්ගේ පොඩි හීන
මහ උන්ට විකුණන්න
ඉඩ දෙන්න පුළුවන්ද
උඩින් වැටුනත් උඹට

කිරිබිපූ දෙතොලගට
ලේ රහක් නොදෙන්නට
වෙර ගන්න පුළුවනිද
උඩින් වැටි මිනිසුනට

හදවතේ ගින්දරින්
යකඩ කට ආයෙමත්
උණ්ඩයෙන් හඩාවිද
පෙර කරපු පව් වලට

1 comment: