Tuesday, November 23, 2010

මග නැගුමයි අපි දෙන්නයි......................


උඹයි මමයි කාලාන්තරයක් පුරා ඇවිද ගිය 
මේ පාර දැන් හොදටෝම අබලන් වෙලා.... 
පාරේ හෙමින් හෙමින් පිය මනින
උඹව දැක්කම
"අනේ අප්පේ" කියලා හිත කීරීගැහිලා යනවා........                                                                                       ඒත් උඹේ දෙතොලේ ලේ පිරිච්ච හිනාව නම් ගින්දර.......... 
ඒ ගින්දරෙන් දැවිලා 
දැං ඉතුරු පපුකැවුත්ත  විතරයි...... 
ඒකත් උඹේ කියාපි.... 
අනේ පව් අප්පා.... 
මම මටම කියාගතිමි.... 
රාජ සභාවේ උතුමෙකුට බුලත් අතක් දීලා.. 
මේ පාර ගොඩ දා ගත්තොත් 
කීයක් හරි හම්බ කරන්......................... 
උඹේ හීන එළිකරන්න... උඹෙන් මාව හොයා ගන්න..
ඊට පස්සේ අපි දෙන්නට
සුභ අනාගතයක්............

2 comments:

  1. නියමයි.
    මට කියාගන්න වචන එකතුකරගන්න බැරුව හිටපු දෙයක් ඔයා නියමෙටම කියලා.

    ReplyDelete
  2. ලස්සනයි ඒ පද ටික.

    ReplyDelete