Tuesday, June 7, 2011
Sunday, June 5, 2011
බොරුවට හරි
බොරුවට හරි තව එක සැරයක් කියා දෙන්න
උඹව අමතක කරන හැටි
දැනෙනවනම් උඹේ ඔය හිරි වැටිච්ච හිතට
ආදරේ කරපු තරම් මම..
හීනයක් වෙලා උඹ හිටපු කාලේ
උඹේ ඇගිලි වලින්ම
සිත්තම් කරපු හැටි ඒ හීනේ
උඹේ ඇගිලි වලින්ම පොඩි කරලා දාපු හැටි...
තාමත් මතකද ඔය හිරි වැටිච්ච හිතට..
හීන ලෝකෙන් බිමට වැටුන මට
හිනා වුනේ කොහොමද උඹ....
උඹ ආදරෙයි කියපු මුවින්ම
කියා දෙන්න දැන්වත් මට
අමතක කල හැටි..ඔය හිරිවැටිච්ච හිත
Wednesday, June 1, 2011
Tuesday, May 31, 2011
හදවත.....
මගේ ඇස් දෙක ඉස්සරහම
ඒක කොච්චර ඉක්මනට උඹෙන් ඈත් උනාද.....
මම කොච්චර උත්සහ කලාද
ඒක උඹ ලගම තියන්න.......
ඒත් ඒක කවමදාවත්
උඹ ලගටවත් ආවෙ නැති හැටි...
ඉතින් මා ප්‍රිය හදවත.....
උඹට නැති වුන උඹව
කවදා ආයෙත් උඹට ලැබේවිද..
එතකල් අපි යමු හිනා වෙවි..අඩ අඩ..
සතුට දුක දෙකටම...
උඹට මමයි මට උඹවයි..
මේ ලෝකේ කාටවත්ම වෙන් කරන්න බැරි වෙයි...
උඹට උඹව හම්බ වුන දවසට
ඒ ගැන වැඩියෙන්ම සතුටු වෙන කෙනා
මමයි..
ඒ උඹ මගේ හදවත නිසා
Sunday, May 15, 2011
Wednesday, May 4, 2011
Sunday, May 1, 2011
Subscribe to:
Posts (Atom)






